මාස 06ක් අගමැති රනිල්ට රට හදන්න නොදෙන්නේ ඇයි? – එජාප නි. නායක රුවන් විජයවර්ධන

140

රට භාර දුනහොත් මාස 06න්, අවුරුදු 05න් තමන්ට රට හැදිය හැකිය කියන විපක්‍ෂයේ කණ්ඩායම් එම කාලය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා නොදෙන්නේ ඇයි ද යන්න එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ප්‍රශ්නකර සිටී.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරය ගෙන තවමත් මාස දෙකක්වත් ගත වී නොමැති බවත්, අවුරුදු දෙකක් විනාශ කළ රට දින කිහිපයකින් ගොඩගන්නට පුළුවන් යැයි පෙන්වන්නේ අර්බුදයෙන් වාසි ගන්නට උත්සහ කරන පිරිස් මිස සැබෑ දේශප්‍රේමීන් නොවන බව ද විද්වත් වෘත්තිකයන් ඇතුළු පිරිසක් සමඟ ඊයේ (28දා) පැවති සාකච්ඡාවකදී විජයවර්ධන මහතා මෙම අදහස් ප්‍රකාශ කළේය.

විජයවර්ධන මහතා වැඩිදුරටත් මෙසේද කීය.

මහ බැංකුව සතු ඩොලර් සංචිත බිංදුවටම වැටිලා. රට බංකොලොත් රාජ්‍යයක් බව ලෝකය හමුවේ ප්‍රසිද්ධ වූ අවස්ථාවේ තමයි රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිකම භාරගත්තේ. ඉන්දියාවෙන් ණයට ලැබුණු ඉන්ධනවලට අමතර කිසිදු ඉන්ධන නැවක් ගෙන්වා ගැනීමට කටයුතු කරල නැහැ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment