මාස 1 1/2 කට අවශ්‍ය ඉන්ධන සංචිත රටේ තිබෙනවා – තෙල් සංස්ථාව කියයි

103

මාස එකහමාරකට පමණ අවශ්‍ය ඉන්ධන සංචිත (ඩීසල් හා පෙට්‍රල්) රට තුළ ඇතැයි ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය.

 මුදල් ගෙවා ඩීසල් මෙටි්‍රක් ටොන් 40,000 ක් පමණ ගොඩ බෑමට ඊයේ (10 දා) කටයුතු කළ බවත්, තවත් ඩීසල් සහ පෙට්‍රල් නැව් දෙකක් පැමිණ තිබෙන බවත් එම නිලධාරියා කීය.
 ූඍ ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීම නිසා සංස්ථාව සතුව පවතින ඉන්ධන තොග කළමනාකරණය කර බෙදාහැරීමට හැකි බව ද ඔහු කියා සිටියේය. සංස්ථාවට අමතරව ඉන්දියන් ඔයිල් සමාගම ද ත්‍රිකුණාමලයට ඉන්ධන ගෙන්වා බෙදාහැරීම් සිදුකරන නිසා රට තුළ ඉන්ධන හිඟයක් ඇති වීමේ අවස්ථාව අවම බව ද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment