මාස 10කට පසු ඔස්ටේ‍්‍රලියාවෙන් කොරෝනා මරණයක්

152

ශීඝ‍්‍රයෙන් පැතිරෙන ‘ඩෙල්ටා’ නව කොරෝනා වෛරස් ප‍්‍රභේදය පැතිරීම හේතුවෙන් දැඩි අගුලූ දැමීමකට ලක්කර තිබෙන ඔස්ටේ‍්‍රලියාවේ සිඞ්නි නගරයේ මාස 10කට පසු සිදු වූ ප‍්‍රථම කොරෝනා ආසාදිත මරණය ඉකුත් සිකුරාදා (09දා) වාර්තා වී තිබේ. සිඞ්නි නගරයේ පදිංචි වයස අවුරුදු 90 ක පමණ පසුවන කාන්තාවක් මෙසේ මියගොස් ඇති අතර මෙම මරණය ඔස්ටේ‍්‍රලියාවේ ප‍්‍රජාව තුළින් මාස 10කට පසු වාර්තා වූ ප‍්‍රථම මරණය ලෙසද සැළකේ. මියගිය කාන්තාවට කොරෝනා වෛරස් ආසාදනය වැළඳී ඇත්තේ පවුල තුළින්ම බව හෙළි වී තිබේ.
 
 අගුලූ දමා ඇති සිඞ්නි නගරය අයත් වන නිව් සවුත් වේල්ස් ප‍්‍රාන්තයෙන් ඊයේ (11දා) දිනයේදී කොරෝනා ආසාදිතයන් 77 දෙනකු වාර්තා වී තිබූ අතර ඉන් 52 දෙනකු රෝහල්ගත කර තිබේ. ප‍්‍රාන්තයේ රෝහල් දැඩිසත්කාර ඒකකවල ප‍්‍රතිකාර ලබමින් සිටින අසාධ්‍ය තත්ත්වයේ පසුවන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 15 දෙනෙකි. ඉකුත් සිකුරාදා වාර්තා වූ මරණය ප‍්‍රාන්තයෙන් වාර්තා වී ඇති 57 වැනි කොරෝනා ආසාදිත මරණය වේ. අද (11දා) දිනය වන විට සිඞ්නි නගරයෙන් ඩෙල්ටා ප‍්‍රභේදය නිසා වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව තවදුරටත් වැඩිවනු ඇතැයි නිව් සවුත්වේල්ස් ප‍්‍රාන්තයේ අගමැතිනි ග්ලැඩිස් බෙරේජික්ලියාන් අනතුරු අඟවා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment