මාස 2 ක් බිල නොගෙව්වොත් ලයිට් කපන්න පුළුවන් – ලංවිම මාධ්‍ය ප‍්‍රකාශක

139

මාස දෙකක් විදුලිබිල ගෙවා නොමැති නම් විදුලිය විසන්ධි කිරීමේ හැකියාව විදුලිබල මණ්ඩලයට ඇතැයි විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප‍්‍රකාශක ඇන්ඩෘ නවමානි මහතා පැවසීය.

විදුලිය විසන්ධි කිරීමට පෙර රතු නිවේදනයක් නිකුත්කරන බවත් එය නිකුත්කර දින කිහිපයකට පසු මණ්ඩලයට විදුලිය විසන්ධි කිරීමේ හැකියාව ඇති බවත් ඒ මහතා කීය.

මේ වනවිට විදුලිබල මණ්ඩලයට අයවිය යුතු රුපියල් බිලියන 43 ක පමණ හිඟ මුදලක් තිබේ.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment