මාස 3කට IGPට ඉඩ

87

පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාට මාස 3 ක සේවා දිගුවක් ලබා දී ඇත.

ඒ අනුව වික්‍රමරත්න මහතා ලබන ජුනි 25 වැනිදා දක්වා පොලිස්පති ධුරයේ රාජකාරි කරනු ඇත.

පසුගිය 24 වැනිදා ජනාධිපතිවරයා විසින් මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස්, පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහත්වරුන් කැඳවා පොලිස්පති ධුරය ලබාදීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් කළ බව රජයේ ආරංචි මාර්ග පැවසීය.

එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ මාස තුනක කාලයක් සී. ඩී. වික්‍රමරත්න මහතා පොලිස්පති ධුරයේ රාජකාරී කිරීමෙන් පසුව නව පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පත් කිරීමට කටයුතු කරන බවයි.

සී. ඩී. වික්‍රමරත්න මහතා පසුගිය 25 වැනිදා අවුරුදු 60 සම්පූර්ණ වීමෙන් පසු පොලිස්පති ධුරයෙන් විශ්‍රාම යෑමට නියමිතව සිටියේය.
හේමන්ත රන්දුනු

advertistmentadvertistment
advertistmentadvertistment