මාස 4 ට ඩොලර් මිලියන 696 ක සංචාරක ආදායමක්

143

මේ වසරේ (2023) පළමු මාස හතරේදී මෙරටට පැමිණි විදෙස් සංචාරකයන්ගෙන් උපයන ලද ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 696.3 ක් දක්වා සියයට 17.8 කින් වර්ධනය වී ඇත.

ගිය වසරේ (2022) පළමු මාස හතරේදී උපයන ලද මුළු සංචාරක ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 591 ක් වේ.

මෙම මාස හතරක කාලය තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයන් ප්‍රමාණය සියයට 26.7 කින් වර්ධනය වී ඇත. ඒ අනුව ගිය වසරේ (2022) පළමු මාස හතරේ දී මෙරටට පැමිණි 348,314 ක් වූ විදේශ සංචාරකයන් ප්‍රමාණය මෙම වසරේ (2023) පළමු මාස හතරේදී 441,177 ක් දක්වා වැඩිවී ඇත.

එසේම ගිය වසරේ (2022) අප්‍රේල් මස මෙරටට පැමිණි 62,980 ක විදේශ සංචාරකයන් ප්‍රමාණය මෙම වසරේ (2023) අප්‍රේල් මාසයේදී 105,498 ක් දක්වා ද සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇත.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment