මාස 8කට අවශ්‍ය පෙට‍්‍රල් ඩුබායි සමාගමකින් ගෙන්වන්න කැබිනට් අනුමැතිය  

231

මෙරට අවශ්‍යතාව අනුව ලබන ඔක්තෝබර් මාසය දක්වා වූ මාස අටක කාලයක් ස`දහා ඔක්ටේන් 92 පෙට‍්‍රල් බැරල් ලක්‍ෂ දහඅටක් ඩුබායි සමාගමකින් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇත.

මෙම දිගුකාලීන කොන්ත‍්‍රාත්තුව ලබාදීම ස`දහා ලියාපදිංචි සහ තාවකාලික ලෙස ලියාපදිංචි සැපයුම්කරුවන් වෙතින් කළ ලංසු කැ`දවීම්වලින් අනතුරුව කැබිනට් මණ්ඩලය මගින් පත් කරන ලද ස්ථාවර ප‍්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය අනුව ඩුබායිහි එම්.එස්. ඕකි්‍යු සමාගමෙන් මෙම ඉන්ධන තොගය ආනයනය කෙරේ. බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා විසින් අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment