මාළිගාවත්ත ෆාතුමාගේ ඝාතනයට ඇල්ලූ අඹුසැමි දෙදෙනා රිමාන්ඞ් භාරයට

381
  • * වැඬේට උදව් කළ මත්ලෝලී නෞෂාඩුත් අත්අඩංගුවට

මෝල්ගසකින් පහරදී හිස වසා සිටි ෂෝල් රෙදිපටින් ගෙල සිරකර මරා දමා සිරුර ගමන් බෑගයක දමා සපුගස්කන්දේ කසල ගොඩක දමා තිබියදී සොයා ගත් මාළිගාවත්ත මහල් නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි මොහොමඞ් සාෆී ෆාතුමා මුම්ටාස් නමැති 44 හැවිරිදි දෙදරු මවගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළ සපුගස්කන්ද පොලීසිය 9 වනදා මහර අධිකරණයට ඉදිරිපත් කළ අතර සැකකරුවන් මේ මස 19 වනදා දක්වා රක්ෂිත බංධනාගාර ගත කරන ලෙස මහෙස්ත‍්‍රාත් කේමින් ද පෙරේරා මහතා නියෝග කලේය.

මේ අතර සපුගස්කන්ද පොලීසිය සිදුකළ දීර්ඝ විමර්ශනයකින් පසු මෙම මිනිස් ඝාතනයට සහාය දුන් තවත් සැකකරුවෙකු වන මත්ලෝලියෙකු බව කියන නෞෂාඞ් නමැති සැකකරු සපුගස්කන්ද පොලීසිය විසින් සිදුකළ මෙහෙයුමකින් වැල්ලම්පිටිය පොලිස් බලප‍්‍රදේශයේ දී 9 වනදා අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකරු විසින් ෆාතුමා මුම්ටාස් මියෙන තෙක් ඇගේ කට තද කර සිට ඇති බවත් මළසිරුර වැල්ලම්පිටියේ සිට ත‍්‍රිරෝද රථයේ දමා ගෙන සපුගස්කන්ද තෙක් රැුගෙන විත් ඇත්තේද නෞෂාඞ් විසින් බවත් විමර්ශනයේදී අනාවරණය වී ඇත. ප‍්‍රකාශ ලබා ගැනීමෙන් පසු සැකකරු මහර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

කැලණිය මංගලා මදුරප්පෙරුම

advertistmentadvertistment
advertistmentadvertistment