මාළුවෙක් උතුරේ ධීවරයකු මරයි

214

යාපනයේ ගුරුනගර් ප්‍රදේශයේ ධීවරයෙකු ඉස්සන් අල්ලමින් සිටියදී “ජෙලි ෆිෂ් “මාලු‍වෙකුගේ ප්‍රහාරයකින් නිසා 7 දා මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ යාපනය කුරුනගර් ප්‍රදේශයේ පදිංචි අල්ජින් ජෙනිරාජ් (අවු. 52) නමැති අයෙකි.

මියගිය ධීවරයාගේ මළ සිරුර සම්බන්ධයෙන් යාපනය ශික්ෂණ රෝහලේ පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී විෂ ද්‍රව්‍යයක් ශරීරගත වීම නිසා මෙම මරණය සිදු වූ බව සනාථ කොට තිබේ.

“ජෙලි ෆිෂ්“ වර්ගයේ මසුන් ධීවරයින්ගේ සම හා ස්පර්ෂ වූ විට මත්ස්‍යයාගෙන් නිකුත් වන තද බල විෂ රසායන ද්‍රව්‍යක් නිසා ධීවරයෝ මියයති.

පසුගිය වසර දෙක ඇතුළතදී උතුරේ ධීවරයින් හතර දෙනෙකුම “ජෙලිෆිෂ් “ප්‍රහාරවලට ලක් වී මිය ගොස් තිබේ.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment