මාළු මිල අහස උසට

92

සාලයා කිලෝව රු. 1000, බලයා 1300, මීවැටි 1400 කකුළුවෝ 1800

වාරකන් සමය නිසා අස්වැන්න අඩුයි- ධීවරයෝ කියති

වාරකන් සමය හේතුවෙන් මුහුදු යන ධීවර යාත්‍රා ප්‍රමාණය අඩුවීම හා ධීවර කටයුතු සඳහා මුහුදු ගිය යාත්‍රාවලින් රැගෙන එන මත්ස්‍ය අස්වැන්න අඩුවීම හේතුවෙන් වයඹ මුහුදු තීරයේ මසුන් මිල අහස උසට නැග ඇති බව ධීවරයන්, වෙළෙඳුන් මෙන්ම පාරිභෝගික ජනතාව පවසති.

භූමිතෙල් මිල සැලකිය යුතු මුදලින් අඩු වුවත් ඉන් ලැබෙන වාසිය පවතින තත්ත්වය මත පාරිභෝගික ජනතාවට ලබාදිය නොහැකි බවද ඔවුන් පෙන්වා දෙති.

මේ දිනවල මීවැටි කිලෝ එක රු. 1400 ටද, බලයා 1300 ට, සූඩයා, සාලයා 1000 ට, කකුළුවන් 1800 යන මිල ගණන්වලට අලෙවි කෙරේ.

අමරනන්ද විජේසේකර – මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment