මාළු රටින් ඩොලර් නතින්

405

මත්ස්‍යයන් හා ඒ ආශ්‍රිත සැකසුම් ආනයනය කිරීම සඳහා මෙම වර්ෂයේ (2023) ජනවාරි සිට සැප්තැම්බර් දක්වා වූ මාස නමය තුළ ඩොලර් මිලියන 50.7ක මුදලක් වැය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මෙම වර්ෂයේ සැප්තැම්බර් මාසයේ පමණක් මත්ස්‍යයන් හා ඒ ආශ්‍රිත සැකසුම් ආනයනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 6.7ක මුදලක් වැය වී ඇති බව ද මහ බැංකු වාර්තාවේ සඳහන් වෙයි. කෙසේ වුවද 2022 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ මත්ස්‍යයින් හා ඒ ආශ්‍රිත සැකසුම් ආනයනය කිරීම සඳහා ඩොලර් මිලියන 3.8ක මුදලක් වැය වී තිබුණි. ඒ අනුව මෙම වර්ෂයේ සැප්තැම්බර් මාසයේ දී 2022 වර්ෂයේ සැප්තැම්බර් මාසයට වඩා මත්ස්‍යයින් හා ඒ ආශ්‍රිත සැකසුම් ආනයනය කිරීම සඳහා ඩොලර් මිලියන 2.9ක මුදලක් වැඩිපුර වියදම් වී තිබුණි.

රට වටා මුහුදු තිබිය දී ඩොලර් මිලියන ගණන් ගෙවා මත්ස්‍යයින් ආනයනය කිරීම පිළිබඳව ධීවර සංගම්වල විරෝධය ද එල්ල වී ඇත.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment