මා ඉන්නේ මේ මස පමණයි: වරප‍්‍රසාද මුකුත් ගන්නේ නෑ – නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය

262

තමන් නියෝජ්‍ය කථානායක ධුරය හොබවන්නේ මෙම (අපේ‍්‍රල්) මස අවසානය දක්වා පමණක් බවත් තමා ඉල්ලා අස්වීම භාර දුන්නේ අපේ‍්‍රල් මස පස් වෙනිදායින් පසු නියෝජ්‍ය කථානායක ධුරයට හිමි වරප‍්‍රසාද කිසිවක් භාවිතා කිරීමට බලාපොරොත්තු නොවන බවටත් නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතා ඊයේ (08 දා) පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍රකාශයක් කරමින් පැවසීය.

එහිදී වැඩිදුරටත් මෙසේද කීය.

ජනතා පරමාධිපත්‍යය හා පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැුක ගැනීම පිළිබඳ ඉල්ලීම මට පමණක් නොව පාර්ලිමේන්තුවට පමණක් නොව ශ‍්‍රී ලංකාවාසීන්ට පැවරෙන වගකීමක් බව මා සිතනවා. ගෝත‍්‍රික පාලනය රාජ්‍ය ආණ්ඩුව, ඒකාධිපති ආණ්ඩු, හමුදා ආණ්ඩු, සියල්ල පසු කරමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාර්ලිමේන්තු ආණ්ඩු ක‍්‍රමයන් තුළ දියුණු ලෝකය ශතවර්ෂ ගණනාවක් රැඳී සිටින්නේ එහි ඇති ජනතා පරමාධිපත්‍යය නිසයි. මේ දිනවල 225ම එපා කියන සටන් පාඨය හඬ නගන උගත් සහෝදර සහෝදරියන් හා දූ පුතුන්ගේ අවධානය යොමු කළ යුත්තේ ඔබ හැමවිටම සර්වජන ඡන්ද අයිතියෙන් රටේ තීරණ ගන්නන් පත් කිරීමට ඇති අයිතිය ගැනයි. ඔබ යෝජනා කරන්නේ එක්වර ඉස්මතු වන ඒකාධිපති පාලනයක් ද, එම පාලනයෙන් ඔබ බලාපොරොත්තු වූ දෙය නොවන්නේ නම් එය ඉවත් කරන්නේ කෙසේද?

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment