මා ඔයට පාසල් සිසුවෙක් පනී

383


කොච්චිකඩේ ප්‍රදේශයේදී තෝප්පුව පාලමෙන් මා ඔයට පැන පාසල් සිසුවෙකු දියේ ගිලී අතුරුදන්ව ඇත. පොලීසිය පැවසුවේ මේ සම්බන්ධයෙන් සිසුවාගේ පියා විසින් පැමිණිල්ලක් සිදු කර ඇති බවය.
අතුරුදන්ව ඇත්තේ 17 හැවිරිදි අකරගම මඩම්පැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ජංගම දුරකථනයකට අලාභ හානි කිරීමට අදාළ සිදුවීමකට මුදල් ගෙවීමක් සිදුකිරීමට යන බව නිවැසියන්ට දන්වා මෙලෙස පිටව ගොස් ඇති බවත් ඉන්පසු එම සිසුවා දියට පැන ඇති බවත් සිදුකළ මූලික විමර්ශන වලදී අනාවරණය වී තිබේ.
කොච්චිකඩේ පොලීසිය නාවික හමුදා කිමිදුම්කරුවන්ගේද සහය ඇතිව අතුරුදන් වූ සිසුවා සොයා වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment