මා කියූ අනාවැකි  වැරදිලා නෑ – වජිර අබේවර්ධන

313

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වීමෙන් පසු ඔහු අගමැති, ජනාධිපති තනතුරුවලට පත්වන බවට තමා කළ ප්‍රකාශය වැරදුණේ නැතැයි එජාප සභාපති වජිර අබේවර්ධන මහතා ඊයේ (20 දා) පැවසීය.

මේ අවස්ථාවේ රට ආර්ථික අර්බුද රැසකට මුහුණදී තිබෙන බවත් ඉන් මුදා ගත හැකි එකම නායකයා රනිල් වික්‍රමසිංහ බවත්, ඒ මහතාට එම කාර්ය ඉටුකිරීම සඳහා මේ අවස්ථාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දෙනා පක්‍ෂ, පාට භේදයකින් තොරව සහය ලබාදීම අවශ්‍යතාවයක් පවතින බවත් අබේවර්ධන මහතා කීය. රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පත් වීමටත් පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගත යුතු බව ඇතුළු ආර්ථිකය ගොඩනැගීම සඳහා යෝජනා

රැසක් ඉදිරිපත් කළ බවත් ඒවා ක්‍රියාත්මක කළානම් අපේ රට මේ තරම් ආර්ථික අර්බුදයකට ලක් නොවන බවත් අබේවර්ධන මහතා කීවේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment