මා ජාතිවාදියෙක් නොවේ මට ඕනෑ ජාති ආගම් නැති එක නීතියක් රටට ගේන්නයි – ඥානසාර හිමියෝ කියති

196

තමන් වහන්සේ ජාතිවාදියකු නොවන බවත් තමන්ට අවශ්‍ය ජාති ආගම් පදනම් කර නොගත් සියලූ දෙනාට එක සමානවූ නීතියක් ශ‍්‍රී ලංකාව තුළ ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගැනීම බවත් එක රටක් එක නීතියක් ක‍්‍රියාවට නැංවීම සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති  ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.

උන්වහන්සේ එසේ පැවසුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය මගින් ඊයේ (01 දා) සූම් තාක්‍ෂණය ඔස්සේ පැවැත්වූ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

මෙම මාධ්‍ය හමුව ජනාධිපති මාධ්‍ය ප‍්‍රකාශක කිංස්ලි රත්නායක මහතා විසින් මෙහෙයවනු ලැබීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ මෙසේද පැවසූහ.

අප ගැන ඇතැම් දෙනා විවිධ අර්ථකථන දෙන්නේ අප ආ පසුබිම දෙස බලමින්. අප ආවේ මේ රටේ ජනතාවගේ දැවෙන ප‍්‍රශ්න වෙනුවෙන් පෙනී සිටිමිනි. එනිසා අප ජාතිවාදීන් ලෙස හඳුන්වනවා.

අපත් පන්සලටවී නිහ`ඩව සිටියානම් උසාවිවල නඩු පැවරෙන්නේ නැහැ. එසේනම් අප බොහෝ සාමකාමී භික්ෂූන් වහන්සේලා යැයි පවසනවා. නමුත් රටේ ජනතාවගේ අනාදිමත් කාලයක සිට පවතින ගැටලූවලට විසඳුම් ලැබෙන්නේ නැහැ. අප පෙනීසිටින්නේ එම ප‍්‍රශ්න විසඳීමටයි. එනිසා එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකායට පත්වූයේ එම දැවෙන ප‍්‍රශ්නවලට විසඳුම් ලබාදීමට මිස තව තවත් ඒවා උග‍්‍ර කිරීමට නොවෙයි. බෞද්ධ, හින්දු, කතෝලික, මුස්ලිම් කියා ආගම් භේදයක් මත හෝ සිංහල, දෙමළ, මුස්ලිම් කියා ජාති වර්ගයක් නිසා හෝ මේ රටේ නීතිය වෙනස් විය නොහැකියි. සියලූ දෙනාටම එකහා සමානව රටේ නීතිය ක‍්‍රියාත්මක විය යුතුයි. මේ රටේ ප‍්‍රධාන ජාතිය ලෙස සිංහලයා ඉතිහාසයේ කිසිම දිනෙක සුළු ජාතීන්ට හිංසා පීඩා කර නැහැ. දක්‍ෂයන්ට තැන දිය යුතුයි. ඒ සඳහා ජාතිය හෝ ආගම බාධාවක් කරගත යුතු නැහැ.

උපාලි ද සේරම්

 

advertistmentadvertistment
advertistmentadvertistment