මා ලැබූ සම්මානත් විනාශ කළා: ඇයි මට මෙහෙම කළේ ?

419

ගීතා හැඬූ කඳුළින් පාර්ලිමේන්තුවේදී අසයි….

ප්‍රවීණ සිනමා නිළි වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රිනි ගීතා කුමාරසිංහ ජීවිත කාලයේදී සිනමාවේ නිරතව ලබා ගත් ඇගයීම් සම්මාන පසුගියදා කිසියම් පිරිසක් විසින් විනාශ කළ බව ඇය කියන්නීය. ඒ පිළිබඳ හැඬූ කඳුළින් ඇය පාරලිමේන්තුවේදී කළ කතාවය මේ.

“මගේ බෙන්තර නිවසට සීයක් විතර ඇවිත් පහර දුන්නා. තනි ගැහැණියක් හිටපු නිවසක්. සී. සී. ටී. වී. වල සියල්ල සඳහන් වෙලා තියනවා. ජ.වී.පෙ., ස.ජ.බ. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු සමාජ මාධ්‍යවල පෝසට් දාලා මිනිස්සු එකතු කළා. දශක හතරකට වැඩි කාලයක් සිනමාවේ සිටිමින් ලබාගත් සම්මාන පොළවෙ ගහල කුඩු පට්ටම් කරලා. මම ස්විට්සර්ලන්ත පුරවැසිභාවය ඉවත් කරගෙන බෙන්තර පදිංචි වුණේ මිනිස්සු වෙනුවෙන්. තනියෙන් කාමරයක වෙව්ල වෙව්ල හිටියෙ. මරණ බිය ඇති කළා. ගේ කඩන්න ආව කවුරුවත් ඉපදිලාවත් නෑ මම සිනමාවට එන විට. මම දේශපාලනයෙන් සමුගත යුතුයි කියල මම හිතන්නෙ. අමනුෂ්‍යයන් ඉදිරියේ දේශපාලනය කිරීම හරිම අසීරුයි යැයි ගීතා කුමාරසිංහ සිය වේදනාව ගලා යන්නට ඉඩ හරිමින් පාර්ලිමේන්තුවේදී පැවසුවාය.”

එම වේදනාකාරී අත්දැකීම පිළිබඳ සනත් ගුණතිලක මුහුණු පොතේ මෙවැනි සංවේදී සටහනක් තබා තිබේ.

“කාගේ හෝ සිතකට දුක් පීඩාවක් ගෙනදීම බුදු දහම අදහන අපට අනුමත කළ නොහැකිය. ඇයට තවදුරටත් සිනමාවේ රැඳී සිටීමේ අවකාශ කොතෙකුත් තිබියදී ඇය දේශපාලනයට ගියේ කිසිවක් ලබාගන්නට නොව ජනතාවට සේවය කිරීමටය.”

advertistmentadvertistment
advertistmentadvertistment