මැකලම් එංගලන්ත පුහුණුකරු වෙයි

256

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු වන බ්‍රෙන්ඩන් මැකලම් එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්වීමට නියමිත බව විදෙස් ආරංචි මාර්ග සඳහන් කරයි.

එංගලන්ත ක්‍රිකට් බලධාරීන් සහ බ්‍රෙන්ඩන් මැකලම් අතර ඒ පිළිබඳව පැවති සාකච්ඡා බොහෝ දුරට සාර්ථක වී ඇති බවත් තව නොබෝ දිනකින් මැකලම්ගේ පත්වීම ප්‍රකාශ කිරීමට කටයුතු කරන බවත් එම ආරංචි මාර්ගවල දැක්වේ.

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු කඩුලු රකින ක්‍රීඩකයා ද වූ මැකලම් මේ වන විට අයිපීඑල් ක්‍රිකට් තරගාවලිය යටතේ කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරයි. මැකලම් එංගලන්ත ටෙස්ට් කණ්ඩායමට පමණක් පුහුණුකාරීත්වය දැරීමට එකඟ වී ඇති අතර ඒ අනුව සීමිත පන්දුවාර තරග සඳහා වෙනත් පුහුණුකරුවකු එක්කර ගැනීමට එංගලන්තයට සිදුවෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment