මැකො මුදල් ඇමැතිගෙන් පුංචි ඡන්දයට සල්ලි ඉල්ලයි

153

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නිකුත් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබේ.

ජනාධිපතිවරයා වෙත මෙම ඉල්ලීම ලිඛිතව ඉදිරිපත් කළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් ජී. පුංචිහේවා මහතා ප්‍රකාශ කර ඇත.

පළාත් පාලන මැතිවරණයට අදාළ ප්‍රතිපාදන නිකුත් කිරීම සඳහා සෘජු තීරණ ගැනීමට නොහැකි බවත් ඒ සඳහා මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිවිය යුතු බවත් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් පසුගියදා මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබුණි. ඒ අනුව මැතිවරණය සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නිකුත් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව මුදල් අමාත්‍යවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කළ බව නිමල් ජී. පුංචිහේවා මහතා සඳහන් කළේය.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නොමැති වීම හේතුවෙන් මාර්තු මස 09 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය අප්‍රේල් 25 වැනිදාට කල් දමනු ලැබීය.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment