මැගසින් බන්ධනාගාරයේදී ඉසුරුට ගජ සැලකිලි!

377

රුපියල් බිලියන ගණනක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තිළිණි ප්‍රියමාලි සමඟ රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණු ඇගේ අනියම් සැමියා යැයි කියන ඉසුරු බණ්ඩාර නමැත්තාට මැගසින් බන්ධනාගාරයේ කාර්යාලයේදී අමුත්තන් මුණගැසීමට බන්ධනාගාර ප්‍රධානීන් විසින් අවස්ථාව ලබාදී ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

දින ගණනාවක පටන් අමුත්තන් පැමිණෙන අවස්ථාවලදී බන්ධනාගාර නිලධාරීන් පැමිණ ඉසුරු බණ්ඩාර මැගසින් බන්ධනාගාරයේ කාර්යාලයට රැගෙන යන බව බන්ධනාගාර රැඳවියෝ සඳහන් කරති. එසේ රැගෙන යන ඔහු එතැන් සිට මුළු දවසම ගත කරනුයේ මැගසින් බන්ධනාගාරයේ එක්තරා ජේලර්වරයකුගේ නිල කාර්යාල කාමරයක බවද සඳහන් වේ.

බන්ධනාගාර කාර්යාලයට වී එලෙස දවස ගත කරන ඔහු ඇතැම් අවස්ථාවල දෙපාර්තමේන්තුවට අයත් කාර්යාල දුරකථනවලින් ඇමතුම් ලබාගන්නා බවද බන්ධනාගාර පොඩ්ඩෝ පවසති. තිළිණ ප්‍රියමාලි සහ ඉසුරු බණ්ඩාර මැගසින් බන්ධනාගාරයේ සිට අධිකරණය වෙත රැගෙන යෑමේදී කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින් අධිකරණ කටයුතු සඳහා යොමු නොකරන ලෙස නියෝග කළ දූෂිත නිලධාරියකු ඒ සඳහා යෙදවීමටද බන්ධනාගාර ප්‍රධානීන් පියවර ගෙන තිබේ.
සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment