මැච් බලන්න ටිකට් ඔන්ලයින් මාර්ගයෙන්

108

ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය නැරඹීම සඳහා ප්‍රවේශ පත්‍ර අන්තර්ජාලය ඔස්සේ මිලදී ගත හැකි බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

ඒ අනුව www.srilankacricket.lk වෙබ් අඩවිය ඔස්සේ ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකි බව එම නිවේදනයේ සඳහන් කරයි.

ප්‍රවේශ පත්‍ර රුපියල් 300, 400, 500 හා 750 යන මිල ගණන් යටතේ අලෙවි කිරීමට නියමිතය.

ප්‍රවේශ පත්‍ර මිලදී ගන්නා ප්‍රේක්ෂකයින් තරග නැරඹීමට පැමිණීමේ දී තමන්ගේ QR කේතය (මුද්‍රිත හෝ ඩිජිටල් ලෙස) රැගෙන පැමිණිය යුතු වේ.

ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ දී දෙරට අතර පැවැත්වීමට නියමිත තරග 3 කින් යුත් එක්දින තරගාවලියේ සියලු තරග දිවා තරග ලෙස හම්බන්තොට දී පෙරවරු 10 ට ආරම්භ වීමට නියමිත වේ. ජූනි දෙවැනිදා පළමු එක්දින තරගය ද, ජූනි 4 වැනිදා දෙවැනි එක්දින තරගය ද, ජූනි 7 වැනිදා අවසන් එක්දින තරගය ද පැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment