මැජික් බණ්ඩා තුනටිය කඩාගත් හැටි

245

රන් බණ්ඩා හද්ද පිටිසර ගමක අයෙකි. මොහු පාසල් අධ්‍යාපනයක් ලබා ගන්නට වැස්සකටවත් පාසලකට ගොඩවී නැත. අකුරු ශාස්ත‍්‍රය නොදැන හිටියත් කැත්තේ උදැල්ලේ වැඩට නම් මුතුබණ්ඩා සමග හැප්පෙන්නට අහල ගම් හතකවත් එකෙක් සිටියේ නැත.

මැජික් බණ්ඩා තුනටිය කඩාගත් හැටි



 මේ අතර කාලයේදී බණ්ඩා අන් අය අතර කැපී පෙනෙන්නට සමත් වූයේ ඕනෑම අමාරු වැඩක් වුවද කරන්නට හපනකු වූ නිසාය.

 කාලයාගේ ඇවෑමෙන් මුතුබණ්ඩා ගම අතහැර ගෙන්දගම් පොළවේ පය ගහන්නට සමත් වන්නේ මිතුරකුගේ මාර්ගයෙනි.

 කොළඹට පැමිණි ‘රන්බණ්ඩා’ විවිධ සමාජ තලවල මිනිසුන් සමග උරෙන් උර ගැටී ජීවිතයට ලොකු පන්නරයක් ගත්තේ ඉංගී‍්‍රසි වචන කිහිපයක් හසුරවා

 ගන්නට සමත් වන අතරතුරය.

 කාලයකට පසු මොහු ගමට ආවේ දික් කලිසම්, ටී ෂර්ට්, සපත්තු හා අව් කණ්ණාඩි ද පැළඳ ගෙනය. හරියට පළිගු මැණිකේ ටෙලිනාට්‍යයේ සූරසේන ගමට පැමිණියේ යම් සේද රන්බණ්ඩා ද ගමට ආවේ ඒ අයුරින්මය. ගමට පැමිණි ඔහු මැජික් පෙන්නන්නට ගත්තේ ගමම පුදුම කරවමිනි.

 ටියුබ් ලයිට් කඩා බිඳ දමා, කළු ගල් ගිල දමන්නට පවා ඔහු සමත් විය. මේ අතර මහ පාරේ බල්ටි ගසා පෙන්වන්නට ඔහු පටන්ගත්තේ සතර අතින් නැගුන විසිල් හඬ මැදය.

 වන් ටූ තී‍්‍ර කියා වරක් බල්ටි ගැසූ ඔහු තවත් වරක් බල්ටි ගසන්න උඩ පැන්නේය. කපා දැමූ කෙසෙල් කඳක් සේ බිම වැටුණ ඔහු රෝහල් ගත කළේ තුනටිය තැන් දෙකකින් කැඞී යද්දීය.

 රන්බණ්ඬේ, මිනිස්සුන්ට කරන්න පුළුවන් දේවලූත් තියනවා බැරි දේත් තියනවා සිංඤප්පු ඒ ටික කීවේ දැන්වත් හැදියන් කියමිනි.

 පේ‍්‍රම්

advertistmentadvertistment
advertistmentadvertistment