මැඩගස්කර් ජනපති ඝාතන සැලසුම වරදියි ප‍්‍රංශ ජාතිකයන් 2 ක් ඇතුළු 6 ක් අත්අඩංගුවට

343

මැඩගස්කර් ජනපති ඇන්ඩි‍්‍ර රජොලිනා ඝාතනය කිරීම සඳහා සැලසුම් කළ ප‍්‍රංශ ජාතිකයන් 2 ක් ඇතුළු හයදෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. රජයේ නඩු අධ්‍යක්‍ෂ බර්නිසේ රසාවිපාල්ටොනි පැවසූවේ
 
මැඩගස්කරයේ ද්විත්ව පුරවැසියන් දෙදෙනෙකුද ඝාතන සැලසුමට සම්බන්ධ වී ඇති බවයි. මෙම ඝාතන සැලසුමට අදාළ ලියවිලි රැුසක් ද හමු වී ඇත. මැඩගස්කර් ජනපතිට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ දේශපාලන නායකයන් කීපදෙනෙක්ද ඝාතන සැලසුමට අඩංගුු වී තිබුණි. 2009 මාර්තු මාසයේදී ජනපති මාර්ක් රවලෝමානා කුමන්ත‍්‍රණයකින් පහකළ ඇන්ඩි‍්‍ර රජොලිනා රාජ්‍ය බලය අල්ලා ගෙන ඇත. ඔහු හිටපු රාත‍්‍රී සමාජ ශාලාවක ගීත ගැයීමේ යෙදී සිටි අයෙකි. පසුව අන්තානාරිවෝ අගනුවර නගරාධිපති ලෙස පත්වීය.

advertistmentadvertistment
advertistmentadvertistment