මැණික් ගැරීමෙන් කුඹුක්කන් ඔයට හානි

138

අනවසරයෙන් මැණික්ගැරීම නිසා කුඹුක්කන් ඔයේ ඉවුර විනාශ වී කුඹුක්කන් ඔයට බරපතල හානි සිදුවන බැව් ප්‍රදේශවාසීහු පවසති.
මොනරාගල හරහා ගලායන කුඹුක්කන් ඔයේ පාලම ආසන්නයේ බෝගහලැයිම ප්‍රදේශයේ සිට කලවැල්ආරගම ප්‍රදේශය දක්වා ඔයේ ඉවුර දෙපස අනවසරයෙන් මැණික්ගැරීම සඳහා පතල්කැණීම නිසා ඉවුර සම්පූර්ණයෙන් විනාශවී ගොස් ඇත.
ඉවුර දෙපස තිබෙන විශාල කුඹුක් ගස් ඇතුළු විවිධ වර්ග වලට අයත් ගස් ඉදිරී පෙරලී ගොස් තිබේ.
ප්‍රදේශයේ ජීවත්වන ජනතාව එදිනෙදා අවශ්‍යතාවයන් සපුරාගැනීම සඳහා ජලය ලබාගන්නේ කුඹුක්කන් ඔයෙනි.
මෙම තත්වය මත කුඹුකන් ඔයේ ජලය බොරවී අපවිත්‍රවීම නිසා ජලය පරිහරණය කිරීමට නොහැකිවී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment