මැණික් ගෙඟ් නව පිවිසුම් ප‍්‍රාකාරයේ ඉදිකිරීම් ජනපති ප‍්‍රධානත්වයෙන් ඇරැඹේ

138

රුහුණු කතරගම මහ දේවාලයේ මැණික් ගෙඟ් නව පිවිසුම් ප‍්‍රාකාරයේ ඉදිකිරීම් පෙරේදා (01 දා) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණ.

මැණික් ගෙඟ් නව පිවිසුම් ප‍්‍රාකාරයේ ඉදිකිරීම් ජනපති ප‍්‍රධානත්වයෙන් ඇරැඹේ

ඉදිකිරීම වෙනුවෙන් මුල්ගල් තැබීම ජනාධිපතිතුමා, ඇමැති චමල් රාජපක්‍ෂ, මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්‍ෂ සහ රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

 මීට සමගාමීව ‘සුරකිමු ගංගා’ ව්‍යාපෘතිය යටතේ පරිසර අමාත්‍යාංශය මගින් ට‍්‍රැක්ටර් රථයක් සහ විදුලිය මගින් කි‍්‍රයා කරන රථයක් රුහුණු කතරගම මහා දේවාලයට පරිත්‍යාග කරනු ලැබීය.

 මැණික් ගඟට බැහැර වන කැළිකසළ සහ ඝන අපද්‍රව්‍ය එකතු කිරීම සහ පරිසර හිතකාමී ආදර්ශන ව්‍යාපෘතියක් ලෙස යොදා ගැනීමට මෙම රථ ජනාධිපතිතුමා විසින් බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා වෙත භාරදෙනු ලැබිණ.

 අමාත්‍ය මහින්ද අමරවීර, පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනිල් ජාසිංහ සහ මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් හේමන්ත ජයසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment