මැණික් පතලේ පස් කණ්ඩියට බිලි වූ පියා ඇහැලියගොඩ රෝහලේදී මරුට

46

බැකෝ යන්ත්‍රයක ආධාරයෙන් මැණික් පතලක් කපමින් සිටියදී එම පස් කණ්ඩිය කඩාවැටී එහි සේවයේ යෙදී සිටි ප්‍රධාන බාස් තුවාල ලබා ඇහැලියගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මරුමුවට පත් වී තිබේ.

පතල් පස් කණ්ඩිය කඩා වැටෙන අවස්ථාවේ 6 දෙනකු එහි සේවය කරමින් සිට ඇති අතර ඉන් පස්දෙනකු ඉතා අපහසුවෙන් දිවි ගලවාගෙන තිබේ.

පෙරේදා (11 දා) සිදු වූ මෙම අවාසනාවන්ත සිද්ධියෙන් මියගොස් ඇත්තේ මුදුන්කොටුවේ ජයසිංහ බණ්ඩාර නමැති 60 හැවිරිදි දෙදරු පියෙකි.

කුරුවිට පොලිස් වසමේ පොහොරබාව ඕවිටිගම මඩඅමුණ ප්‍රදේශයේ මෙම මැණික් පතල පවත්වාගෙන ගොස් තිබුණු අතර කුරුවිට පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සිදු කරයි.
ඇහැලියගොඩ – බී. ජී. විමලවංශ

advertistmentadvertistment
advertistmentadvertistment