මැණිකෙට තවත් හින්දි චිත්‍රපටයක දොර ඇරේ

568

අජේ දෙව්ගන්, සිද්ධාර්ත් මල්හෝත‍්‍රා, රකුල් පි‍්‍රත් සිං රංගනයෙන් දායකවන ‘තැන්ක් ගොඞ්’ චිත‍්‍රපට වෙනුවෙන් පසුබිම් ගායනය සඳහා යොහානි ද සිල්වාට අවස්ථාව උදාවී ඇත.

මෙම චිත‍්‍රපටය සඳහා ‘මැණිකේ මගේ හිතේ ගීතයේ හින්දි අනුවාදය’ ඇය විසින් මෙහිදී ගායනා කරනු ඇත.

ඉමහත් ප‍්‍රසිද්ධියක් මෙන්ම සුවිශාල ප‍්‍රතිචාරයක් ලබන යොහානිගේ මැණිකේ ගීතයේ හින්දි අනුවාදය තම චිත‍්‍රපටයට එක්කර ගැනීමට හැකිවීම ගැන සතුටුවන මෙම චිත‍්‍රපටයේ අධ්‍යක්‍ෂ ඉනද්‍ර කුමාර් පවසයි.

තමා මෙම චිත‍්‍රපටය හා සම්බන්ධවන බවත් එහි කටයුතු සඳහා ඉදිරියේදී ඉන්දියාවට යන බවත් යොහානි ප‍්‍රකාශකර තිබේ.

තැන්ක් ගෝඞ් චිත‍්‍රපටය ලබන වසරේදී තිරගත වනු ඇත.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment