මැණිකේ ඇමරිකාවේ වීදිවල…

304

ශ‍්‍රී ලාංකික ගායන ශිල්පිණියක වන යොහානිද සිල්වා විසින් ප‍්‍රතිගායනා කරනු ලැබූ මැණිකේ මගේ හිතේ ගීතය ලොව පුරා ජනප‍්‍රියවීමත් සමග මේ වන විට එහි ජනප‍්‍රියතාව ඇමෙරිකා එක්සත් ජනපදය දක්වාද පැතිරී තිබේ.

ජනප‍්‍රිය ළමා වයලීන් වාදන ශිල්පිනියක වන කැරොලිනා ප්‍රොටිසෙන්කෝ විසින් එම ගී තනුව ඇමෙරිකාවේ වීදි සංදර්ශනයක වාදනය කිරීම තුළින් එම ගීතයේ ජනප‍්‍රියභාවය වැඩිවී තිබේ. යුකේ‍්‍රන ජාතික සංගීත පවුලක උපත ලබා ඇති කැරොලිනා ඇගේ පවුල සමග 2015 වර්ෂයේදී ඇමරිකාවට සංක‍්‍රමණය වී ඇත්තේ ඇයට වයස අවුරුදු හයේදීය.

ලොවම වසඟයට ගෙන ඇති ළමා වයලීන වාදන ශිල්පිණියක වන ඇය කැලිෆෝනියාවේ සැන්ටා මොනිකාහි වීදිවල ඇගේ වාදනයන් ඉදිරිපත් කරමින් සිදුකරන කුඩා ප‍්‍රසංග හේතුවෙන් සමාජ මාධ්‍ය තුළ අතිශය ජනපි‍්‍රයත්වයක් ලබා ඇති තැනැත්තියකි. වයස අවුරුදු 13 වැනි වියේ පසුවන කැලොරිනා විසින් වාදනය කරන ලද ඇගේ නවතම වීදි වයලීන වාදන දර්ශනය වන යොහානි ද සිල්වා ප‍්‍රතිගායනා කළ මැණිකේ මගේ හිතේ ගීත වාදනය මේ විටත් රටවල් ගණනාවක අතිශය ජනප‍්‍රියත්වයට පත්ව තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment