මැණිකේ මගේ හිතේ 2 ‘ඔමරි’ ළඟදීම – සතීශාන් රත්නායක

323

මැණිකේ මගේ හිතේ සින්දුවට ගත්තු ණය අදටත් ගෙවනවා

 මම වැඩ කරන්නේ විදුලිබල මණ්ඩලයේ

 මැණිකේ මගේ හිතේ ගීතය ගැන මතක් කරන හැම මොහොතකම යොහානි ගේ නම විතරක් නෙමෙයි බොහෝ දෙනෙකුට මේ ගීතය මුල් ගායකයාගේ නමත් මතක් වෙනවා. ඔහු නමින් සතීෂාන් රත්නායක. ඔහු මේ ගීතය ලෝබ නැතිව යොහානිට ගායනා කරන්න දුන්නු නිසයි ඇයටත් මේ ගීතය හරහා ලෝකයට යන්න අවස්ථාව උදා වුණේ. ඔන්න සතීශාන් රත්නායක මේ දවස්වල අලූත් වැඩකට සූදානම් වෙනවා කියවලා බලන්නකෝ ඒ මොකක්ද කියලා. මොකද මේ කතාවත් මැණිකෙට සම්බන්ධයි.


 * සතීශාන් මොනවද මේ දිනවල වෙන්නේ?

 මේ දවස්වල ඇත්තටම රැුකියාවත් කරගෙන සංගීත වැඩත් කරගෙන පාඩුවේ ඉන්නවා. අලූත් ගීතයකට සැලසුම් හදා ගෙනත් යනවා.

 * මොකක්ද කරන රැුකියාව

 මම දැනට ලංකා විදුලි බල මණ්ඩලයේ සේවය කරනවා.

 * මැණිකේ මගේ හිතේ 2 එළි දක්වන්න හදනවා කියන්නේ ඇත්තද?

 මගේ අලූත්ම ගීතය තමයි ඔමරි. ඒක මැණිකේ මගේ හිතේ පාර්ට් 2 විදිහට තමයි එළි දක්වන්න සූදානම් වෙන්නේ. මේ ගීතයේ රූප රචනාවකුත් එක්ක ළඟදීම එළි දක්වන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉන්දියානු නායකයෙක් එක්ක මේ ගීතයේ දමිළ භාෂාවෙනුත් නිකුත්කරන්නයි හිතාගෙන ඉන්නේ. තව සති දෙකක් ඇතුළත මේ ගීතය එළි දක්වනවා.

 * මැණිකේ මගේ හිතේ ගීතය හැදුණේ කොහොමද?

 ඕක හැදුණේ මෙහෙමයි. මමයි චමත් සංගීතුයි දුලාන් ඒ. ආර් එක්ස්, දිලීප් සාරංගයි එකතුවෙලා යුද හමුදාව වෙනුවෙන් ගීතයක් කළා. මේ ගීතයේ ඕඩියෝ එක විතරයි අපි මුලින් රිලීස් කළේ. ඊට පස්සේ මම චමත්ට කිව්වහම ගීතයක් කරන්න ඕනෑ කියලා ඔහු මට මෙලඩි එක හදලා කතා කරනවා. ඊට පස්සේ මම එන්න ටිකක් කල් යනවා. මම කොළඹ එනකොට චමත් සංගීත් කියනවා ඔයාට මේ ගීතය දැන් හරියන්නේ නැහැ කියලා. කොහොම හරි තුන්වැනි මෙලඩි එක තමයි මැණිකේ මගේ හිතේ කියන්නේ. එක දවසින් තමයි මේ ගීතය කළේ. ඔරිජිනල් මියුසික් වීඩියෝ එකක් එක්ක මාසයක් ඇතුළත මේ ගීතය නිර්මාණය කළා.

මැණිකේ මගේ හිතේ 2 ‘ඔමරි’ ළඟදීම - සතීශාන් රත්නායක





 * ගීතය එළි දැක්වූවාට පස්සේ ලැබුණ ප‍්‍රතිචාර?

 ප‍්‍රසංගයක් තිබ්බා. ඒකෙන් පස්සේ ගොඩක් හොඳ ප‍්‍රතිචාර ලැබුණා. ඒ ගීතයත් යොහානිත් එක්ක කරන්න කලින් මිලියන 13 ක් බලලා තිබුණේ. නමුත් මේ ගීතයේ මගේ නම කතා වුණා අඩුයි. මොකද මම අලූත් චරිතයක්. ගොඩක් වෙලාවට සින්දුවේ නම තමයි කතා වුණේ.



 * යොහානි මේ ගීතය ටික් ටොක් කරලා දාලා තිබුණහම මොකද හිතුණේ?

 යොහානි මේක කොල්ලෙක් කියන සිදුවක් කියලා ටික් ටොක් එකේ දාලා තිබුණා. එදා තමයි මම ඕක දැක්කේ. ඊට පස්සේ මමයි චමත් අයියයි තීරණයා කළා කවර් සෝන්ග් එකක් කරන්න. කලින් ඉඳන් අපිට පොඩි අදහසක් තිබුණා කවර් සෝන්ග් එකක් කරන්න. යොහානිමයි කියලා ඔළුවේ තිබුණේ නැහැ. ඊට පස්සේ අපි කට්ටියම කතාවෙලා තමයි කවර් එක කරන්නේ. කවර් එක කරලා රිලීස් කරද්දී මමවත් වීඩියෝ එක දකින්නේ නැහැ. මම වීඩියෝ එක බලන්නෙත් විව්ස් ලක්‍ෂයක් විතර ගියාට පස්සේ. සතියක් විතර ගියාට පස්සේ තමයි මේක මෙච්චර වයිරල් වුණේ.



 * සමාජ මාධ්‍ය කැළඹීම ගැන මොකද හිතන්නේ?

 ඇත්තටම සතුටුයි. ලංකාවට හොඳ අවස්ථාවක්නේ හම්බ වුණේ. අපි හිතන්නේ නැහැනේ සංගීතයෙන් ලංකාවේ මේ තරම් දෙයක් කරන්න පුළුවන් කියලා.



 * යොහානි මේ ගීතය කිව්වට පස්සේ තමයි කවුද මේ සතීශාන් කියලා හොයන්න පටන් ගත්තේ?

 මම හිතන්නේ අපි ඒ වෙලාවේ ගත්තේ හොඳ තීරණයක් කියලා. එකෙන් හැමෝටම ප‍්‍රතිලාභ හම්බ වුණ තීරණයක්. මම හිතන්නේ මුළු රටටම තමයි ප‍්‍රතිලාභ හම්බ වුණේ.



 * යොහානි මේ ගීතය අරගෙන ජාත්‍යන්තරයට යෑම ගැන පොඩි දුකක් හෝ ඊර්ෂි්‍යාවක් තියෙනවාද?

 ඇත්තටම ඔය ප‍්‍රශ්නය මේ වෙනකොට හැමෝම මගෙන් අහනවා. මම මේ වෙනකම් එහෙම දෙයක් හිතලා නැහැ. අපි ටීම් එකක් විදිහට තමයි වැඩක් කළේ. මගේ ඔළුවේ තිබුණේ මේ වැඬේ දුවන්න ඕනෑ කියලා මිසක් නම යන්න ඕනෑ කියලා අදහස නෙමෙයි. මට ඕනෑ වුණේ මම කියපු සින්දුවක් මිනිස්සු පිස්සුවෙන් වගේ අහන්න ඕනෑ කියන අදහස විතරයි. ලංකාවෙන් එළියට ගිහිල්ලා ජාත්‍යන්තරයට ගිහිල්ලත් අහන්න ගත්ත එක ගැන මට ඊර්ෂ්‍යාවක් නැහැ. සතුටක් තමයි තියෙන්නේ.

 සංචාරයෙන් පසුව යොහානි සතීෂාන්ට කතා කළේ නැතිද?

 කතා කළා. කතා කළා. මේ කතාබහ ඇතිවෙන්න මොහොතකට පෙරත් කතා කළා ප‍්‍රසංගයක් තියෙනවා කියලා.

 ඔබේම ප‍්‍රසංගයක් කරන්න අදහසක් නැතිද?

 තියෙනවා. ඒකට මම ආසයි. ඒක මගේම කියලත් නෙමෙයි එතැන යොහානිත් ඉන්නවා. එළැඹෙන දෙසැම්බරයේ කොවිඞ් තත්ත්වය තවදුරටත් පහව ගියාට පස්සේ ප‍්‍රසංගයක් කරනවා.

 සතීෂාන් ගායකයෙක් නොවුණා නම් මොනවා කරාවිද?

 පුංචි කාලේ ඉඳන්ම හීන මැව්වේ කලාකරුවෙක් වෙනවා කියලා. කීබෝර්ඞ් ගහන්නත් ආසාව තිබුණා. සාමාන්‍ය පෙළ ලිව්වාට පස්සේ තමයි ගායකයෙක් වෙනවා කියන අදහසේ හිටියේ. රියැලිටි වැඩසටහන්වලට ගිහිල්ලත් මම ෆේල් වෙලා තියෙනවා. මගේ ශෛලිය අඳුරගත්තේ චමත් අයියා තමයි. මැණිකේ මගේ හිතේ සින්දුව හිමිවුණේ නැතිනම් මම අදටත් කරන්නේ උත්සාහ කරන එක තමයි. මැණිකේ මගේ හිතේ කියන්නේ මගේ දහවැනි සින්දුව.

 * මැණිකේ මගේ හිතේ සින්දුව කරන්නත් සෑහෙන කට්ටක් කෑවා කියන්නේ ඇත්තද?

 මම මුලින් ප්ලෑන් කළේ ඕඩියෝ එකක් විදිහට රිලීස් කරන්න. මට සල්ලි තිබුණේ නැහැ. පස්සේ මම බැංකු ණයක් අරගෙන තමයි සින්දුව කළේ. ඒ බැංකු ණය ගන්නත් මම බැංකුවට සිය පාරක් විතර ගිහිල්ලා ඇති. ඇත්තම කතාව මැණිකේ මගේ හිතේ සින්දුව කරන්න ගත්තු සල්ලි අදටත් ගෙවනවා.

 * දැන් ඔබේ පදිංචිය කොහේද? පවුලේ විස්තර එහෙම?

 මගේ අම්මයි තාත්තයි මල්ලියි ඉන්නේ. අම්මා වැඩ කරන්නේ මාස් හෝල්ඩින් එකේ. මල්ලි තවම ඉස්කෝලෙ යනවා. තාත්තා පින්තාරු කොන්ත‍්‍රාත්කරුවෙක්. මගේ ගම කෑගල්ල, උඳුගොඩ. මම පාසල් ගියේ කෑගල්ල ශාන්ත මරියා විදුහලට. උසස් පෙළ වාණිජ අංශයෙන් හැදෑරුවේ. සරසවි යන්න ලකුණු මදිවුණ හින්දයි විදුලිබල මණ්ඩලයේ රැුකියාවට ගියේ. පාසලේ පෙරදිග සංගීත කණ්ඩායමේ වාදකයෙක් විදිහට කටයුතු කළා.

 * යොහානිත් එක්ක අලූත් ගීතයක් කරන්න අදහසක් තියෙනවාද?

 මම ඇත්තටම කරන්නේ හොඳම දේ. යොහානිත් එක්ක කරන එක කතා කරලා කරනවා. මගේ ඔළුවේ දැනට අදහස තියෙන්නේ මගේ ඔරිජිනල් ගීතය ගැන. මැණිකේ මගේ හිතේ 2 ඔමරි ළඟ ළඟ එනවා. ඔක්තෝබර් මාසය අවසන් වෙන්න කලින් දානවා.

 * මේ ගීතය හින්දා යොහානිට ලැබෙන ආදායමෙන් කොටසක් ඔබටත් එනවාද?

 මැණිකේ මගේ හිතේ සින්දුවෙන් ලැබෙන ආදායම හැමෝටම බෙදිලා යන්නේ. ප‍්‍රසංග වලින් ලැබෙන දේවල් එයාට ලැබෙන්න ඕනෑ දේවල්නේ. මම ඇත්තටම ඒවා ගැන බලාපොරොත්තුවක් නැහැ.



  දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment