‘මැණිකේ’ යළිත් ඉන්දියාව හොල්ලයි

552

යොහානි ද සිල්වාගේ ‘මැණිකේ’ ගීතය යළිත් වරක් ඉන්දියාව පුරා ජනප්‍රිය වන බව ඉන්දීය මාධ්‍ය කියයි.

‘තෑන්ක් ගෝඩ්’ චිත්‍රපටය වෙනුවෙන් හින්දි භාෂාවෙන් ප්‍රතිනිර්මාණය කර එළිදක්වා ඇති මෙම ගීතය යොහානි සමඟින් ජුබින් නව්දියල් සහ සූර්ය රඝුනාදන් ගායනා කරති.

හින්දි චිත්‍රපටයේ මැණිකේ ගීතය මේ වනවිට නැරඹුම් වාර මිලියන 27 ක් පසු කර තිබේ. ලබන ඔක්තෝබර් මස 25 වැනිදා ‘තෑන්ක්ගෝඩ්’ චිත්‍රපටය තිරගත වීම ආරම්භ වන අතර එහි ඇතුළත් මැණිකේ ගීතය ඉකුත් සිකුරාදා (16වැනිදා) අන්තර්ජාලයට මුදා හැරිණි.

මෙම ගීතයේ වීඩියෝව මේ වන විට රසික රසිකාවියන් අතර ඉතා ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතින බව ඉන්දීය දෙමළ පුවත්පතක් වන ඩේලිතාන්ති වාර්තා කර තිබිණි. හින්දි භාෂාවෙන් ගැයුනද මෙම ගීතයට සිංහල මැණිකේ ගීතයේ පදමාලා එක්කර තිබීම විශේෂත්වයකි.

චතුර පමුණුව

 

advertistmentadvertistment
advertistmentadvertistment