මැතිවරණයට මුදල් නෑ කියන ආණ්ඩුව අලුතින් ඇමැතිවරු දෙදෙනෙක් පත්කරලා

87
  • මහාචාර්ය චන්න ජයසුමන

  • මැතිවරණය පැවැත්වීමට මුදල් නොමැති බව කියන ආණ්ඩුවට තමන් මුදල් හොයන ක්‍රමය කියා තිබෙන බවත්, ඒ අනුව කටයුතු කළොත් අඩුම තරමින් ඇමතිවරුන්ගේ රෙද්දවත් ප්‍රවේශම් කරගත හැකි වනු ඇති බව හිටපු ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

ජනතා නිදහස් සන්ධානයෙන් අනුරාධපුර මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන දහ නවයක් සඳහා තරග වදින මන්ත්‍රීධුර අපේක්ෂකයන් වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීමට අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ඊයේ (20 දා) පැමිණි අවස්ථාවේ මාධ්‍යයට අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය චන්න ජයසුමන මහතා,

“ජනතා නිදහස් සන්ධානයට අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් ඉතාම හොඳ ප්‍රතිචාරයක් තිබෙනවා. අපට අනුරාධපුර දිස්ත්‍රික්කය දෙස බැලුවම පෙනී යන්නේ මේ මැතිවරණයේදී එක දෙක තුන යන ස්ථාන තුනම ආණ්ඩු විරෝධී දේශපාලන පක්ෂ කණ්ඩායම් අතරේ බෙදීයන ස්වභාවයක්. ආණ්ඩුව මැතිවරණය සම්බන්ධයෙන් කියන කතා එකිනෙකට පරස්පරයි.

දැන් කියනවා මැතිවරණ පැවැත්වීමට සල්ලි නෑ කියල. එහෙම තිබියදී ඊයේ අලුතින් කැබිනට් ඇමැතිවරු දෙදෙනෙක් පත්කළා. මීට මාස දෙකකට පමණ ඉහතදී රාජ්‍ය ඇමැතිවරු තිස්හත් දෙනෙක් පත්කළා. අනෙක් පැත්තෙන් පළාත් පාලන ආයතන එකක්වත් විසුරුවන්නේ නැතිව පළාත් පාලන ආයතන නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට රුපියල් කෝටි ගණනක් වැටුප් වශයෙන් ගෙවනවා.

ඇමැති මණ්ඩලය තමන් සහ තම කාර්ය මණ්ඩලයේ වැටුප මාසයකට කැපකර පළාත් පාලන ආයතන විසුරුවා හරින ලෙසට අපි ආණ්ඩුවට ඉතාම සරල යෝජනාවක් කරනවා. ඉන් ඉතිරිවන මුදල් හොඳටම ප්‍රමාණවත් මැතිවරණය පවත්වන්න.
අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු

advertistmentadvertistment
advertistmentadvertistment