මැතිවරණයට සහාය දුන්නේ නෑ – මුදල් ලේකම්, මුද්‍රණාලයාධිපතිනිය, පොලිස්පති උසාවි ගෙන්වන්න

182

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

මැතිවරණ කොමිෂන් සභාව විසින් ලබන මාර්තු 9 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබූ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය සහාය නොදී එය අඩපණ කිරීමට කටයුතු කළ රජයේ මුද්‍රණාලාධිපතිනිය, මහා භාණ්ඩාගාරයේ හා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා හා පොලිස්පතිවරයා ඇතුළු රාජ්‍ය ආයතන බලධාරීන්ගේ අනීතික ක්‍රියා කලාපය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදුකරන ලෙසට නියෝගයක් කරන්නැයි ඉල්ලා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය හා එහි විධායක අධ්‍යක්‍ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

මැතිවරණ නීතිය අනුව වසර හතරකට වරක් පළාත් පාලන ආයතනවලට මහජන නියෝජිතයන් තෝරා ගැනීම සඳහා මැතිවරණය පැවැත්විය යුතු බවත් ඒ සඳහා අවශ්‍ය උපරිම සහාය ලබාදීම සියලු තරාතිම්වල නිලධාරීන්ගේ වගකීම හා යුතුකම බවත් සිය පෙත්සම මගින් සඳහන් කර තිබූ පෙත්සම්කරු එලෙස නොකිරීමෙන් පෙරකී නිලධාරීන් ඇතුළු පිරිස රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව වැඩිදුරටත් සඳහන් කර තිබේ. පසුගිය වසරේ පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය මෙම වසරේ මාර්තු 9 වැනිදා පැවැත්වීම මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබියදීත් ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන හා අනෙකුත් පහසුකම් ලබා නොදීමෙන් එම නිලධාරීන් ඉතා බරපතළ ලෙස මැතිවරණ නීතිය උල්ලංඝනය කර ඇතැයි එමගින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment