මැතිවරණය කල් දැමීම ගැන කාදිනල් හිමිගෙන් නිවේදනයක්

263


මැතිවරණ කල් දැමීම හෝ අවලංගු කිරීම රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමට දරණ ඒකාධිපතිවාදී් උත්සාහයක් බව මැල්කම් රංජිත් කාදිනල් හිමියෝ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරති. මෙම පළාත් පාලන මැතිවරණය පමණක් නොව අනාගතයේදී පැවැත්වීමට නියමිත සියලු මැතිවරණ අහෝසි කොට දමා ඒකාධිපති පාලන ක්‍රමයක් වෙත රට ඇද දැමීමේ ඉතා භයානක පූර්වාදර්ශයක් බවට පත්වීමේ අවදානමක් ඇති කරන බවද සඳහන් කරයි.රාජ්‍ය නිලධාරීවාදය සහ දේශපාලන බලධාරීන් විසින්ම ප්‍රජාතන්ත්‍රවාදය සහ මූලික මිනිස් අයිතිවාසිකම් දැඩි ලෙස උල්ලංඝණය කෙරෙන තත්ත්වයක් තුළ ශ්‍රී ලංකාව පිළිබඳව ජාත්‍යන්තරය සතු ප්‍රසාදයට දරුණු ලෙස හානි සිදුවනු ඇති බවද කාදිල් හිමි පවසයි. එහෙයින් ජනතා පරමාධිපත්‍ය මෙන්ම ඡන්දය ප්‍රකාශ කිරීමේ මූලික මිනිස් අයිතිවාසිකම් සහ රටේ ප්‍රජාතත්ත්‍රවාදය,ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීම සඳහා අත්‍යවශ්‍ය ජාත්‍යන්තරසහායද ආරක්ෂා කරගැනීමට මේ මොහොතේ නොපැකිලිව ඉදිරිපත්වීමට සියලු දේශපාලන පක්ෂ ,සිවිල් සිවිල් සංවිධාන,ආගමික නායත්වය ඇතුළු සියලු පුරවැසියන්ගේ වගකීම හා යුතුකම බව අවධාරණය කරන බවද සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment