මැතිවරණය තිබ්බොත් ලෝක පුදුමයක්

101

මැතිවරණයක් පවත්වන්නේ නම් එය පැවැත්වීමට සිදුවනු ඇත්තේ ලෝක වාර්තාවකුත් එක්ක යැයි මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ලෝකයේ දැවැන්තම ආර්ථික අර්බුදයක ඉන්න රටක් මුදල් මුද්‍රණය කරල පළාත් පාලන මැතිවරණය තිබ්බ කියන ලෝක වාර්තාවත් එක්ක නම් අපට මෙය කළ හැකියි යැයිද සියඹලාපිටිය මහතා කීවේය.

මේ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු පැහැදිලි කළ රාජ්‍ය ඇමැති සියඹලාපිටිය මහතා මෙසේද කීවේය.

2020 වර්ෂය සඳහා රු. බිලියන 2500 ක පමණ මුදලක් මුද්‍රණය කිරීමට සිදුවුණා. මේවා හංගන්න අවශ්‍ය නැහැ. එහෙත් අපි එක දෙයක් කරා එදිනෙදා අවශ්‍යතා සඳහා මේ මුද්‍රණය කළ මුදල් යොදා ගත්තේ නෑ.

ඒකයි ඒ තරමට උද්ධමනයට බලපෑවේ නැත්තේ. මේ වසරේ (2023) පළවෙනිදා සිට 12 වැනිදා වන තෙක් වියදම් කරන්න තියෙනවා රු. බිලියන 80.5 ක් පමණ. හැබැයි ආදායම තියෙන්නේ රු. බිලියන 26 යි. වෙනස බිලියන 54 ක් අපි හොයන්න ඕන. මේ බිලියන 80 තියන වියදම් එකක්වත් කල් දාන්න වෙනස් කරන්න බෑ. උදාහරණ විශ්‍රාම වැටුප බිලියන 26 ක් තියෙනවා. එය අය වැයක් සම්මත නොවුණත් කළ යුතු වියදමක්. මේ වගේ තවත් කල්දැමිය නොහැකි වියදම් තියෙනවා. ඒ නිසා අප මේ බලන්නේ හිඟ මුදල් සොයා ගන්නේ කොහොමද කියන එක ගැනයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment