මැතිවරණ කොමිෂන් සභාවේ ලිපිය ක්‍රියාවට නංවන්නැයි මාලිමාවෙන් පෙත්සමක්

249

පළාත් පාලන ඡන්ද පැවැත්වීම සඳහා නාමයෝජනා භාරදී තිබෙන අපේක්‍ෂකයන්ට ඔවුන්ගේ මැතිවරණ කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා රාජ්‍ය සම්පත් වෙන් නොකිරීමට වගබලා ගන්නා ලෙස අදාළ බලධාරීන්ට උපදෙස් දෙන්නැයි මැතිවරණ කොමිෂන් සභාව විසින් පසුගිය මැයි 7 වැනිදා ජනාධිපති ලේකම්වරයා වෙත යවා ඇති ලිපිය අනුව කටයුතු කරන ලෙසට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු වගකිව යුත්තන්ට නියෝගයක් කරන්නැයි ඉල්ලා ජාතික ජනබලවේගය පක්‍ෂයේ ක්‍රියාකාරිකයකු ඊයේ (28දා) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

කඩුවෙල නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී අසිත නිරෝෂණ මහතා විසින් ගොනු කර ඇති එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජනාධිපති ලේකම්වරයා, අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු කැබිනට් මණ්ඩලය, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති සමන් රත්නායක , සාමාජිකයන් හා නීතිපතිවරයා ඇතුළු 42 නම් කර ඇත.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment