මැතිවරණ කොමිසමට සහාය නොදීම දඬුවම් ලැබෙන වරදක් – ශ්‍රී ලංකා නීතිඥ සංගමය

179

මැතිවරණ කොමිසමට සහාය දැක්වීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමක් බවත්, එසේ සිදුනොකිරීම හෝ එලෙස කටයුතු කිරීම ප්‍රතික්‍ෂේප කිරීම දඬුවම් ලැබිය යුතු වරදක් බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය මාධ්‍ය නිවේදනයක් යොමුකරමින් ප්‍රකාශ කර සිටී.

භාණ්ඩාගාර ලේකම්වරයාගේ, රාජ්‍ය මුද්‍රණාලාධිපතිනියගේ සහ අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ගේ සහ ආයතනවල එම ක්‍රියා කලාපය මැතිවරණය කඩාකප්පල් කිරීමේ අරමුණෙන් ම ගත් උත්සාහයක් බව පැහැදිලිව පෙනෙන්නට ඇති බව ද එම සංගමය සඳහන් කර තිබේ.

සියලුම මැතිවරණ පැවැත්වීම ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදයේ අනිවාර්ය අංගයක් වන පසුබිමක මාර්තු 09 වැනිදා පැවැත්වීමට නියමිතව ඇති පළාත් පාලන මැතිවරණය කඩාකප්පල් කිරීම සඳහා රජය ගනු ලබන උත්සාහය පිළිබඳව දැඩි කනස්සල්ල ප්‍රකාශ කරන බව ද එම සංගමය කියා සිටී.

රාජ්‍ය මුදල් කළමනාකරණය කිරීම අරමුණු කරගත් බව පවසමින් රජය මෑතකදී ගනු ලැබූ පියවර කිහිපයක්ම මැතිවරණය පැවැත්වීමට බාධා කරන අයුරින් බලපා ඇති බව ද එම මාධ්‍ය නිවේදනයේ සඳහන් ය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment