මැතිවරණ කොමිසමෙන් ජනපතිට ලිපියක්

226


පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නිකුත් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව මුදල් අමාත්‍යවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇත.

ඒ අනුව මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිඛිතව අදාළ ඉල්ලීම සිදුකළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් ජී පුංචිහේවා මහතා සඳහන් කළේය.

පළාත් පාලන මැතිවරණයට අදාළ ප්‍රතිපාදන නිකුත් කිරීම සඳහා සෘජු තීරණ ගැනීමට නොහැකි බවත් ඒ සඳහා මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිවිය යුතු බවත් මුදල් අමාත්‍යංශ ලේකම්වරයා පසුගිය දා මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබුණි.

ඒ අනුව මැතිවරණය සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නිකුත් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් මුදල් අමාත්‍යවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කළ බව නිමල් ජී පුංචිහේවා මහතා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment