මැතිවරණ වියදම් නියාමනයට පනතක්

81

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඊයේ (08දා) ඉදිරිපත් කරන ලදී.

මෙය, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනත; 1988 අංක 2 දරන පළාත් සභා ඡන්ද විමසීම් පනත; 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනත සහ 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පිළිබඳ පනත යටතේ පවත්වනු ලබන සෑම ඡන්ද විමසීමකම, අපේක්ෂකයන් විසින් දරනු ලබන වියදම් නියාමනය කිරීම පිණිස සහ ඊට සම්බන්ධ සහ ඊට ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම සඳහා වූ පනත් කෙටුම්පතකි.

මේ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment