මැතිවරණ වියදම් පනත් විවාදය කල් යයි

194

මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත දෙවනිවර කියවිමේ විවාදය මාසකින් කල්දැමීමට අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව තීරණය කර තිබේ.විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී එම කාරක සභාව රැස්වු අතර එහිදී මෙම තීරණය ගත් බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේය.අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ මන්ත්‍රීවරුන් විසින් කළ ඉල්ලීමකට අනුව එම තීරණය ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment