මැතිවරණ වියදම් පනත ඉදිරි ඡන්දයට ‘ෂෝක්’ – අගමැති කියයි

125

මැතිවරණ වියදම් නියාමන කිරීමේ පනත සම්මත කිරීම මගින් ඉදිරි මැතිවරණවලට ඉතාම වැදගත් වාතාවරණයක් ඇති වන බවත් එය මෙරටට ඉතා වැදගත් වන පනතක් බවත් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (18දා) පැවසීය.

එහිදී අගමැති මෙසේ ද කීය.

මෙම කෙටුම්පත සකසන ලද්දේත්, ඉදිරිපත් කරන ලද්දේත් මැතිවරණ කොමිසම විසින් මිස අපි කිසිවකු විසින් නොවේ. මැතිවරණ කොමිසමේ ඉල්ලීම පරිදි මැතිවරණ කොමිසම මා හමුවුණු හැම අවස්ථාවකදීම මේ පනත ඉක්මනින් ඉදිරිපත් කරන්න කියලා කියා සිටියා. ඒ අනුව ඒ පනත අමාත්‍ය මණ්ඩලය වෙත ගොස් අමාත්‍යවරුන්ගේ අවධානයට, සාකච්ඡාවට යොමු කොට අධිකරණ ව්‍යවස්ථා කටයුතු අමාත්‍යතුමා විසින් අවශ්‍ය පියවර කිසිම ප්‍රමාද කිරීමකින් තොරව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තිබුණා. ඉතින් අනුගමනය කරන වැදගත් කටයුත්තකට තමයි මෙසේ අනුගමනය කරන්නේ. අපි මේ නීති රීතිවලට එකඟතාව දක්වා සම්මත කෙරුවොත් එය මැතිවරණවලට ඉතාම වැදගත් වාතාවරණයක් ඇති කරනවාට සැක නැහැ.

කිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment