මැතිව් අද තරග බිමට

258

මෙවර ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ 05 වැනි දිනය වන අද (27* ශ‍්‍රී ලංකාවේ බලාපොරොත්තුව බවට පත්ව සිටින පිහිනුම් ක‍්‍රීඩක මැතිව් අබේසිංහ තම මූලික වටයේ තරගය සඳහා ඉදිරිපත් වේ.

මීටර් 100 නිදහස් ආර ඉසව්ව සඳහා සුදුසුකම් ලබා සිටින මැතිව් අබේසිංහ එහිදී සිව්වන මූලික තරගය වෙනුවෙන් පළමු මංතීරුව යටතේ තටාකයට බැසීමට නියමිතය.

ක‍්‍රීඩකයන් 08 දෙනකුගෙන් සැදුම්ලත් වන මෙම මූලික තරගයේ දී මැතිව් අබේසිංහ සමග මොරොක්කෝව, ෆින්ලන්තය, ආර්මේනියාව, හොංකොං දේශය, සයිප‍්‍රස්, උස්බෙකිස්ථානය සහ සිම්බාබ්බේ යන රටවල් නියෝජනය කරමින් ක‍්‍රීඩකයන් තරග වදිති.

මීටර් 100 නිදහස් ආර ඉසව්ව මූලික තරග 09 කින් සැදුම්ලත් වේ.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment