මැති ඇමැති නිවාස ගිනිගත් අයුරු…

992

ගාලුමුවදොර විරෝධයක නිරතව සිටි නිරායුධ සිවිල් වැසියන්ට ආණ්ඩුව මැරයන් යොදා පහර දීමට විරෝධය පළ කරමින් පිරිසක් පෙරේදා (9 දා) රාත්‍රියේ සිට පසුදා අලුයම තෙක් අනුරාධපුර නගරයේ පිහිටි මැති ඇමැතිවරුන්ගේ නිවාස රැසක් ගිනිතබා විනාශ කළහ.

එම පිරිස් ප්‍රථමයෙන් හිටපු අමාත්‍ය චන්න ජයසුමන මහතාගේ අනුරාධපුර වලිසිංහ හරිස්චන්‍ද්‍ර මාවතේ පිහිටා ඇති ‘ජය නිවස’ වෙත ගොස් එයට පහරදී ගිනිතබා ඉන් අනතුරුව අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපති එච්. බී. සෝමදාස මහතාගේ අනුරාධපුර කඩපනහේ පිහිටි නිවසට ගොස් එය ද ගිනි තැබූහ.

පසුව අනුරාධපුර ගුවන්තොටුපළ මාර්ගයේ පිහිටා ඇති හිටපු ඇමැති ෂෙහාන් සේමසිංහ සහ දුමින්ද දිසානායක යන මහත්වරුන්ගේ නිවාසවලට පහර දුන් විරෝධතාකරුවෝ එම නිවාසවලට ද ගිනි තැබූහ.

මැති ඇමැති නිවාස ගිනිගත් අයුරු...

පසුව එම පිරිස් අනුරාධපුර, මාතලේ පාර කුරුන්දන්කුලම, ප්‍රදේශයේ පිහිටි හිටපු කැබිනට් ඇමැති එස්. එම්. චන්ද්‍රසේන මහතාගේ නිවස සහ වැඩ අවසන් කරමින් පවතින තරු පන්තියේ හෝටලය වෙත ගොස් පහර දී අලාභ හානි සිදු කර නිවසට සහ හෝටලයට ගිනි තැබූහ.

හිටපු ඇමැති එස්. එම්. චන්ද්‍රසේන මහතාගේ නිවසේ ආරක්‍ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන් විසින් එම පිරිසට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ ද එය ව්‍යර්ථ කරමින් විරෝධතාකරුවෝ ඉදිරියට ගමන් කළහ.

මුල් අවස්ථාවේදී විරෝධතාකරුවන් සියයක් පමණ පිරිසක් මේ සඳහා සහභාගි වුවත් අවසානයේදී දහසකට වැඩි පිරිසක් එම ස්ථානවලට රැස්වන ආකාරය ද මධ්‍යම රාත්‍රියේදී දැකගත හැකි විය.

මිහින්තලේ – රංග චතු

advertistmentadvertistment
advertistmentadvertistment