මැති ඇමැති බොහෝ පිරිසක් පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් කෑම ගැනීම නතර කරලා – කථානායක

275

මැති ඇමැතිවරුන් බොහෝ දෙනකු පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් ආහාර  ගැනීම නතර කර ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ‘දිවයින’ට ඊයේ (26 දා) පැවසීය.

මෙසේ පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් ආහාර නොගන්නා මැති ඇමැතිවරුන්ගේ සංඛ්‍යාව කොපමණ දැයි නොදන්නා බවද කථානායකවරයා කියා සිටියේය.

පාර්ලිමේන්තු දිවා ආහාරය රුපියල් සියයකින් ඉහළ දමා ඇති අතර මාධ්‍යවේදීන්ගේ කෑම පාර්සලයද රුපියල් පනහකින් ඉහළ දමා තිබේ.

පාර්ලිමේන්තුවේ දිවා ආහාර මිල ඉහළ දැමීම තමන් දැනගත්තේ මාධ්‍ය මගින් බවද කථානායකවරයා කියා සිටියේය.

මේ අතර පසුගියදා පාර්ලිමේන්තු වාර්තාකරණයේ යෙදුණු මාධ්‍යවේදියකුගේ දිවා ආහාරයේ හාල් මැස්සන් ව්‍යංජනයක ලණු කැබැල්ලක් තිබී සොයාගෙන තිබිණි.

පාර්ලිමේන්තු සැසිවාරයන්ට සහභාගි වන බොහෝ මැති ඇමැතිවරුන් තම නිවෙස්වලින් දිවා ආහාරය ගෙන ඒමට පුරුදුවී සිටින බවද කථානායකවරයා පවසයි.

නෝමන් පළිහවඩන
 

advertistmentadvertistment
advertistmentadvertistment