මැදිවියට පත්වන ඇසේ සුද ඇතිවීමට ඉර එළිය  බලපාන හැටි

844

ඇසේ සුද ඇතිවීම පාලනය කර ගැනීම සඳහා අපට කළ හැකි හොඳම කි‍්‍රයාව වන්නේ අව්කණ්ණාඩි භාවිත කිරීමය විට  අප වැනි රටවල බොහෝ දෙනෙක් මුහුණ දෙන ඇස් පෙනීමේ දුර්වලතා රෝගයක් වන්නේ ඇසේ සුද ඇතිවීම ය.

 වයස අවුරුදු 60-65 වනවිට මෙලෙස ඇසේ සුද ඇති වූ පිරිස බහුලව දැකිය හැකිය. මේ සඳහා බලපා ඇති ප‍්‍රධාන ම හේතුව වී ඇත්තේ ඉර එළියය. අප ජීවත් වන්නේ ඝර්ම කලාපීය රටක ය. ඒ නිසා වසරේ දින 365 පුරා ම හොඳින් හිරු එළිය වැටේ. ඒ නිසා උදෑසන අවදි වූ මොහොතේ සිට සවස් වනතුරු අප ගේ ඇස් දෙකට ඉර එළිය ලැබේ.

මැදිවියට පත්වන ඇසේ සුද ඇතිවීමට ඉර එළිය  බලපාන හැටි



 මෙම ඉරඑළිය කෙළින් ම ඇස් දෙක තුළට ගමන් කිරීම නිසා එහි ඇති පාරජම්බුල කිරණ නිතර අක්‍ෂි කාච වෙත ගමන් කරයි. එහි ඇති උණුසුම නිවී යන්නේ අක්‍ෂි කාචය මතට ඇතුළු වූ විටදී ය. මෙලෙස දිගුකාලයක් අක්‍ෂිකාච මතට හිරු කිරණ කෙළින් ම ගමන් කිරීම නිසා මැදිවියට පත්වන විට මෙම අක්‍ෂිකාච ඝන වීමට ලක් වී ඇසේ සුද නමැති රෝග තත්ත්වය මතුවේ. ඉර එළියට සම නිරාවරණය වීම නිසා සම කළු වෙනවා හා සමානව අක්‍ෂි කාච ද ඉර එළියට නිතර නිරාවරණය වීම නිසා මෙලෙස ඝන වීමට ලක්වේ.

 මෙය බිත්තරයක සුදුමදය හා සමානය. අමු බිත්තරයක සුදු මදය හරහා යමක් දැකිය හැකිය. නමුත් තැම්බූ බිත්තරයක සුදුමදය හරහා යමක් දැකිය නො හැකිය. අප වැනි රටවල ජනතාවට ඇසේ සුද ඇති වීමට ප‍්‍රධාන වශයෙන් ම ඉර එළිය බලපෑවද ඇසේ සුද ඇතිවීමට තවත් හේතු රැුසක් බලපානු ලබයි. දියවැඩියාව, අධිරුධිර පීඩනය, විවිධ රෝග සඳහා ප‍්‍රතිකාර ලෙස දිගු කාලයක් ස්ටෙරොයිඞ් වර්ගයේ ඖෂධ ගැනීම ද මේ සඳහා ප‍්‍රධාන වශයෙන් හේතුවේ. ඊට අමතරව හිසට තදින් පහරක් එල්ල වීම, විදුලි සර වැදීම නිසා කම්පනයට ලක්වීම ද මේ සඳහා බලපානු ලබයි. ඇතැම් දරුවන්ට උපතින් ම ඇසේ සුද මතුව තිබේ. ඒ සඳහා ප‍්‍රධාන වශයෙන් ම බලපා ඇත්තේ මව ගැබිනි සමයේ දී රුබෙල්ලා එන්නත නො ගැනීම නිසා රුබෙල්ලා රෝගයට ගොදුරු වීමය. මීට අමතරව සමේ රෝග ඇති අයට සහ අවිදුර දෘෂ්ටිකත්වය ඇති අයට ද සුද ඇති වීමට ඇති ඉඩකඩය වැඩි ය.

 ඇසේ සුද ඇති වූ විට

 ඇස් දෙකෙහි කාචවල මෙලෙස සුද ඇති වූ විට පෙනීම දුර්වල වීමට පටන් ගනී. ක‍්‍රමක‍්‍රමයෙන් එය වර්ධනය වී සාමාන්‍ය කටයුතු පවා සිදුකර ගත නො හැකි ලෙස පෙනීම දුර්වල වී පසුව අන්ධ භාවයට ද පත්විය හැකිය. මේ වනවිට අන්ධභාවයට පත්වූවන් ගෙන් බහුතරය ඇසේ සුද රෝගයට නිසි ප‍්‍රතිකාර නො ගත් අය බව වාර්තා වේ. එසේ ම ඇසේ සුද නිසා ඇසේ පීඩනය වැඩි වේ. ඇස තුළට විෂ බීජ පහසුවෙන් ඇතුළු විය හැකිය.

 ඇසේ සුද ඇතිවීම පාලනය කර ගැනීම

 ඇසේ සුද ඇතිවීම පාලනය කර ගැනීම සඳහා අපට කළ හැකි හොඳම කි‍්‍රයාව වන්නේ අව්කණ්ණාඩි භාවිත කිරීම ය. එය විලාසිතාවක් ලෙස නොසිතා ඇස් ආරක්‍ෂා කර ගැනීමේ ප‍්‍රතිකාරයක් ලෙස යොදා ගැනීමට පියවර ගත යුතුය. ඊට අමතරව අව්වේ යනවිට කුඩයක් භාවිත ය. තොප්පියක් පැළඳ යෑම ආදිය මගින් ඉර එළිය කෙළින් ම ඇස් දෙකට ගැටීම වළක්වා ගත හැකිය. නිතර දැඩි ආලෝක කිරණ ඇස් දෙකට නිරාවරණය වන කටයුතුවල යෙදෙනවිට ඒ සඳහා නියමිත ඇස් ආවරණ පැළඳීම කළ යුතුය. මෙහිදී නිතර මහමඟ සිටිමින් රාජකාරි කරන පොලිස් නිලධාරීන්, නිතර අව්වට නිරාවරණය වෙමින් කටයුතු කරන අය අව්කණ්ණාඩි පැළඳීම සහ හිසට තොප්පියක් පැළඳ ගැනීමට යොමුවීම අනිවාර්යයක් බවට පත්කර ගත යුතුය.

 අක්‍ෂි කාච බද්ධය

 සුද ඇතිවීම හෙවත් අක්‍ෂි කාච ඝන වීම නිසා ඇතිවන පෙනීම දුර්වල වීම නැවත ලබාගැනීම සඳහා සුද ඇති වූ කාචය ඉවත්කර බාහිරින් ඇසට කාචයක් ඇතුළු කරයි. මේ සඳහා විවිධ වර්ගයේ කාච භාවිත කරයි. එම කාචවල ඇති තාක්‍ෂණික දියුණුව අනුව ඒවා ඇසට බද්ධ කිරීම පහසුය. නමුත් කිසිදු කාචයක් ඇසට අහිත කර නැත. අක්‍ෂි කාචවල මිල තීරණය වන්නේ ඒවා නිෂ්පාදනය සඳහා යොදාගෙන ඇති අමුද්‍රව්‍ය එහි නවීන තාක්‍ෂණය සහ ඉන් ඉටුවන කි‍්‍රයාකාරීත්වය අනුවය. ඒ නිසා අක්‍ෂි කාචයක් බද්ධ කිරීමේ දී එය කාචය බද්ධකරන වෛද්‍යවරයා සමග සාකච්ඡුා කර තමාට සුදුසුම කාචය ලබාගෙන බද්ධ කරගත හැකිය.

මැදිවියට පත්වන ඇසේ සුද ඇතිවීමට ඉර එළිය  බලපාන හැටි
advertistmentadvertistment
advertistmentadvertistment