මැද පෙරදිග ගෘහ සේවයට යන කාන්තාවන් වෙතටයි

222


විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි රැකියා නියෝජිතයින් මාර්ගයෙන් ගෘහස්ථ හා නුපුහුණු රැකියා සඳහා යොමුවන කාන්තාවන් ලියාපදිංචිය සඳහා මෙතෙක් ලබා දී තිබූ අවසරය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇතැයි විදේශ රැකියා අමාත්‍යංශය පවසයි.
එසේම ඩුබායි, අබුඩාබි ඇතුළු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සියළුම ප්‍රදේශයන්හි ගෘහස්ථ හා නුපුහුණු රැකියා සඳහා කාන්තාවන් යෙදවිම, සංචාරක වීසා මඟින් සිදුකිරිම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ද කාර්යාංශය මේ වන විට පියවර ගෙන ඇතැයි ද සඳහන් කරයි.

ඒ අනුව ඕමාන් රාජ්‍යයේ සියළුම රැකියා සඳහා විදේශ ගතවන කාන්තාවන් රැකියා වීසා බලපත්‍රයක් යටතේ විදේශ ගතවීම අනිවාර්ය බවත්, සංචාරක වීසා මගින් රැකියා සඳහා විදේශ ගතවීමට කරනු ලබන සියළුම උත්සාහයන් වැලැක්වීමට පියවර ගන්නා ලෙස කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් කාර්යාංශ නිලධාරින් වෙත උපදෙස් ලබාදී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment