මැයි මාසයේ උද්ධමනය 39.1% ට නගී

215

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ උද්ධමනය ඉකුත් මැයි මාසයේදී සියයට 39.1 ක් දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත.

පසුගිය අප්‍රේල් මස පැවැති උද්ධමනය සියයට 29.8 ක්වූ අතර මේ අනුව එක් මසක් තුළ උද්ධමනය විශාල ලෙස ඉහළ ගොස් ඇත. මුළු උද්ධමනයට බලපාන ආහාර උද්ධමනය අප්‍රේල් මස පැවැති සියයට 46.6 සිට මැයි මාසයේදී සියයට 57.4 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ආහාර නොවන භාණ්ඩවල උද්ධමනය අප්‍රේල් මස පැවැති සියයට 22 සිට මැයි මාසයේදී සියයට 30.6 ක් දක්වා ඉහළ ගොස් ඇත. එසේම අප්‍රේල් මස ඒකක 180.2 ක්වූ කොළඹ පාරිභෝගික මිල දර්ශක අගය මැයි මාසයේදී සියයට 195.2 ක් දක්වා සියයට 8.3 කින් ඉහළ ගොස් ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment