මැයි මාසයේ  සියයට 45.3 ට නගී

110

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ උද්ධමනය ඉකුත් මැයි මාසයේදී සියයට 45.3 දක්වා විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ.

පසුගිය අප්‍රේල් මස වාර්තා වූ උද්ධමන අගය සියයට 33.8 ක් විය.

මෙම උද්ධමන අගයට බලපෑ ජාතික පාරිභෝගික මිල දර්ශක අගය, අප්‍රේල් මස පැවති ඒකක 190.3 සිට මැයි මාසයේදී ඒකක 208.7 දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.

එසේම මැයි මාසයේදී ආහාර උද්ධමනය සියයට 58 දක්වා සහ ආහාර නොවන උද්ධමනය සියයට 34.2 දක්වා ද ඉහළ ගොස් ඇත. පසුගිය මැයි මස පැවැති ආහාර උද්ධමනය සියයට 45.1 ක් සහ ආහාර නොවන උද්ධමනය සියයට 23.9 ක් ද විය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment