මැයි රැළි ඇරඹේ

287

සමගි ජන බලවේගය සංවිධාන කළ සමගි මැයි රැලියට සමගාමීව පැවැත්වෙන එම පක්ෂයේ පා ගමන මාලිගාවත්ත පීගඩීග සිරිසේන ක්‍රීඩාංගනය අසලින් ආරම්භ කර ඇත.

මෙවර එම පක්ෂයේ තේමාව වී ඇත්තේ ,වැඩබිමෙන් ඇරඹෙන – මව්බිමේ අරගලය, යන්නයි.

එළෙස ආරම්භ වූ පා ගමනට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක් වූයේ මරදාන එල්ෆින්ස්ටන් රඟහල ආසන්නයේදීය.

එම පක්ෂයේ මැයි දින රැලිය ඒ.ඊ. ගුණසිංහ ක්‍රීඩාංගනයේදී පැවැත් වීමට නියමිතය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය ද මහනුවරදී ආරම්භ කර තිබේ.

මෙවර එම පක්ෂයේ මැයි රැලිය පවත්වන්නේ මහනුවර මධ්‍යම වෙළෙඳපොළ ඉදිරිපිටදීය.

ජනතා විමුක්ති පෙරමුණේ මෙවර මැයි දින පෙළපාලිය.කොළඹ බීආර්සී පිටියෙන් ආරම්භ වුණි.

ජනතා විමුක්ති පෙරමුණේ මෙවර මැයි දින රැලිය කොළඹ විහාර මහාදේවී උද්‍යානය ඉදිරිපිටදී පැවැත්වේ.

එම මැයි දින පෙළපාලිය කොළඹ විහාර මහාදේවි උද්‍යානය ඉදිරිපිටට පැමිණීමට නියමිතය.

අනතුරුව පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඒම ස්ථානයේදී මැයි රැලිය පැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment