මැයි 9දා කලහකාරී සිද්ධීන්වලට  1708දෙනෙක් අත්අඩංගුවට – දැනට 751 ක් රිමාන්ඩ්

110

කොටුව ගාලුමුවදොර අරගල භූමියේ හා කොල්ලුපිටිය අරලියගහ මන්දිරය අසල විරෝධතාවයේ නිරත පිරිසට පහරදී තුවාල සිදු කිරීම හා දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල සිදුවූ නිවාසවලට ගිනි තැබීම් ඇතුළු කලහකාරී සිදුවීම්වලට අදාළව මේ දක්වා සැකකරුවන් 1708 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා ‘දිවයින’ට ඊයේ (25 වැනිදා) පැවසීය. මැයි මස 9 වැනිදා මෙම සිදුවීම් වුණි.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් 751 දෙනකු රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇතැයි ද හෙතෙම කීය.

මීට අමතරව තවත් 900 දෙනකු ඇප මත මුදාහැර ඇතැයි ද ඒ මහතා කියා සිටියේය.

එසේම මෙම සිද්ධීන්වලට අදාළව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ද සැකකරුවන් 25 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පහරදීම් හා කලහකාරී සිද්ධීන්වලට සම්බන්ධ තවත් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය විශේෂ මෙහෙයුම් අරඹා තිබේ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ සුජීව තත්සර
 

advertistmentadvertistment
advertistmentadvertistment