මැරඩෝනාගේ ටීෂර්ටය  කෝටි 320කට අලෙවි වෙයි

435

ලොව සුපිරි පාපන්දු ක්‍රීඩක ආර්ජන්ටිනාවේ ඩියාගෝ මැරඩෝනා 1986 වසරේ ලොක කුසලානය ජයග්‍රහණය කරන විට ඇඳ සිටි ටීෂර්ටය පවුම් මිලියන 7.1 ක මිලකට වෙන්දේසි වී ඇත.

එම මුදල ක්‍රීඩා භාණ්ඩ සැමරුමක් වෙනුවෙන් ලොව එතෙක් මෙතෙක් හිමි වූ වැඩිම මුදල ලෙස වාර්තා වේ.

‘හෑන්ඩ් ඔෆ් ගෝඩ්’ ලෙස එම ටීෂර්ටය නම්කර ඇත. එම මුදලේ වටිනාකම ශ්‍රී ලංකා රුපියල්වලින් මිලියන 3206කට ආසන්නය. එනම් රුපියල් කෝටි 320 කට ආසන්නය. ඩියාගෝ මැරඩෝනා 2020 වසරේ නොවැම්බර් මාසයේදී සිය ජීවන ගමනට සමු දුන්නේය. විසිවන සියවසේ පාපන්දු ක්‍රීඩකයා සම්මානයට ද මැරඩෝනා හිමිකම් කීය.

advertistmentadvertistment
advertistmentadvertistment