මැරතන් තරගයට ශ්‍රී ලංකාවෙන් 12ක කණ්ඩායමක්

141

‘බංගබන්ධු ෂෙයික් මූජීබ් ඩකා’ මැරතන් තරගයට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 12 දෙනෙක් ඊයේ (18දා) බංග්ලාදේශය බලා පිටත්ව ගියහ.

බංග්ලාදේශයේ ඩකා අගනුවරදි මෙම ජාත්‍යන්තර මැරතන් තරගය ක්‍රියාත්මක කෙරේ. මෙම තරග සංචාරයට දී සජිත් ජයලාල් මහතා තාක්ෂණික නිලධාරී ලෙස කටයුතු කරයි. ඒ සඳහා සහභාගි වන ශ්‍රී ලංකා මැරතන් කණ්ඩායම මෙසේය.

ටී. රත්නපාල, ආර්.ඒ.පී.ඩී. අරුණසිරි,ඩබ්ලිව් එම්. එස්. කුමාර, එම්. එස්. පී. එම්. පෙරේරා, එච්.එම්.ඩබ්ලිව්.ජී. ඩබ්ලිව්.එම්. හේරත්, ඒ.එල්.එස්.ඩී. ලියනගේ, කේ. ෂම්මුගේෂ්වරන්, ඩී.එම්.ඩී.එස්. දිසානායක, ඩී.ජී.ඩී. සඳරුවන්, එච්.එම්.සී.එස්. හේරත්, ඒ.එස්.එම්. බණ්ඩාර, එම්.ඒ.එන්.කේ. ප්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment